ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායලයට පැමිණියේය. බයිඩන් පිලිගැනීමට ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන්තොටුපොළට ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු පැමිණ සිටියේය.
මෙම දෙදෙනා වසර 40 ක් තිස්සේ මිතුරන්ය.
ඊශ්රායල අග්රාමාත්යවරයා, ඇමෙරිකන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඔහු උණුසුම් ලෙස වැලඳ ගනිමිනි.
බයිඩන් වසර පනහක් තිස්සේ ඊශ්රායලය සමග කටයුතු කර ඇත.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්රායලය බලා පැමිණියේ හමාස් සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී සිටින ඊශ්රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. එහෙත් බයිඩන් සෙසු අරාබි නායකයන් හමුවීමට න්මියමිතව තිබුනද එම රැස්වීම අවසන් මොහොතේ අවලංගු කෙරිණි.
previous post