යලිත් වාහන ආනයනය සඳහා ඉඩදීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වාහන ආනයනකරුවන්ගේ බලකිරීම මත ආණ්ඩුවේ ප්රබලයන් වෙත ඔවුන්ගේ සමීප පුද්ගලයන් හරහා සිදුකල බලපෑම් මගින් යලි වාහන ආනයනය සඳහා අවසරය කොන්දේසි මත ලබාදීමට නියමිත බව පැවසේ.
කෙසේ වෙතත් වාහන ආනයනය සඳහා අවසර ලබා දුන හොත් යලිත් ඩොලර් හිඟය ඇතිවන බැවින් මේ මොහොතේ අමතර කොටස් හිඟයකින් තොරව අවසර දියයුතු බව වගකිව යුතු අංශ රජයට උපදෙස් දී තිබේ. ඩොලර් හිඟයක් ඇතිවීම තුල යලිත් පෝලිම් යුගයක් බිහිවීම වැළක්විය නොහැක.
previous post