කොළඹ වරායේ කන්ටේනර් විසි දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට ගොඩ ගැසී තිබේ.
වරාය සේවක පිරිසක් කොරෝනා ආසාදනය වීම සහ ඒ හේතුවෙන් තවත් සේවක පිරිසක් නිරෝධායනයට ලක් කිරීම මීට හේතුවයි.
මේ ප්‍රමාදය හේතුවෙන් ඇතැම් නැව් සමාගම් වෙනත් ආසන්න රටවල වරයන් කරා ගොස් තිබේ. කෙසේ වෙතත් මෙරටට ගෙන එන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීම සඳහා වරයා අධිකාරිය සියලු පියවර ගෙන තිබේ.
මේ අතර ශ්‍රීලංකා රේගු දෙපාර්තමේන්තු සේවකයන් කීප දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබේ. කෙසේ වෙතත් බාධාවකින් තොරව රේගු දෙපාර්තමේන්තු සේවා කටයුතු සිදු කරන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.