27 C
Colombo
27/11/2024

‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’

Share with your friends :

නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අසීමිත ගාස්තු අය කළේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257 කින් වැඩි කරල තියනවා. පළමු වසරේ සිසුන්ට 67500ක් ගෙවන්න තියෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා. 40,000, 27500 විදිහට. ඒ විසි හත්දහස් පන්සියත් ගෙවන්න බැරිව 15000,12500 විදිහට වෙන් වෙන්ව ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඒ ටිකවත් කරන්න බැරිවෙලා තියෙනවා. මේ විභාග ගාස්තු අත්හිටුවා සමාලෝචනයක් කරලා දරාගත හැකි මුදලක් අය කරන්න කියලා ඉල්ලනවා. දරුවන් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබා දෙන්න.

Share with your friends :