චීනය, ලංකාව, හා අනෙකුත් ආසියාතික රටවල් සම්බන්ධව ඇමරිකානු ප්‍රතිපත්තිය ඉදිරියේදී තීරණය වන ප්‍රධාන මිනිසා වන්නේ ඇන්තනි බ්ලින්කන්ය (Tony Blinken). ඔහු චීනය සලකන්නේ Adversarial (විරුද්ධවාදී), Competitive (තරඟකාරී) හා Cooperative (සහයෝගී) යන තුන් ආකාරයටය.
ඇමරිකාව පළමුවන ලෝක යුද්ධය ආරම්භවී(1914) අවුරුදු 3 ක් යනතුරුත් (1917) එයට කෙළින්ම සම්බන්ධවූ රටක් නොවේ. දෙවන ලෝක යුද්ධයද ආරම්භවි (1939) මුළු යුරෝපයම යුද පිටියක් වුවද ඇමරිකාව පැත්ත බැලුවේ නැති බව යුරෝපය ඇමරිකාවට චෝදනා පවා කළේය. ඇමරිකාව එංගලන්තයටත් ප්‍රංශයටත් ආධාර දීමෙන් පමණක් සහාය විය. අවසානයේ අද ඇමරිකාවට අයිති (අයිති වූයේ 1959) හවායි හි Pearl Harbour එකට ජපනුන් පහරදෙන තුරු (1941) ඇමරිකාව බොහෝවිට නිද්‍රාශීලීව සිටි රටකි.
පළමුවන ලෝක යුද්ධයටත් එහා බැලූවිට යුරෝපයේ හෝ ආසියාවේ කිසි රටක් මාස කීපයක්වත් නිදහස්ව පැවතියේ නැත. කොටින්ම කියනවානම් ඉතාම කුඩා රටක් වූ පින්ලන්තයද ඉතාම අනාරක්ෂිතව පැවතිනි. ආසියාවද එලෙසමය. ජපාන-චීන, ජපාන-කොරියා ආදී ලෙස මුළු යුරෝපා හා ආසියා අතීතයම එකම යුද පිටියකි.
ඇමරිකාව එයින් බේරී සිටියේ එහි සුවිශේශි පිහිටීම නිසාය. අදද ඇමරිකාවේ ප්‍රමුඛම ආරක්ශකයා එහි පිහිටීමයි. යුරෝපයේ හෝ ආසියාවේ සිට එයට ලඟාවීමට අති දුෂ්කර වීමයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතින්ගේ සංවිධානය වැනි සංවිධාන පිහිටවූයේ දැඩි ලෙස අනාරක්ෂිතව තිබූ ලෝකය එයින් මුදවා ගැනීමටයි. මෙම ආයතන පිහිටුවීමට පසු ලෝකයේ රටවල් අතර යුද ගැටුම් ඊට පෙරට වඩා විශාල ලෙස අවමය. ඇත්තේ රටවල් අතර අභ්‍යන්තර ගැටුම් හා ඒවාට ඇමරිකාවට මැදිවිමට සිදුවීමයි.
වියට්නාම්, ඉරාක, ඇෆ්ගනිස්ථාන, යුද්ධ එයින් වෙනස්ය. ඒවාට අද වනවිට ඇමරිකාව තුලම ඇත්තේ දැඩි පිළිකුලකි. එම යුද්ධ නිසා ඇමරිකානු ලිබරල් සමාජයටම පෙරළා තර්ජන එල්ල වී ඇති බව ප්‍රකටය.
එබැවින් ජෝ බයිඩන් ට කෙසේවත් පෙර සේ යුද්ධවලට සම්බන්ධ වීමට අවකාශයක් ඇති වන්නේ නැත. නමුත් චීනය සමග අනිවාර්යයෙන්ම දේශපාලනික ගැටුම් දැඩිවනු ඇත. එයට හේතුව ශිෂ්ඨාචාරයන් දෙකක ගැටුමක් හා චීනයේ ආරම්භක නායකයින් චීනය ලෝක පාළනය අතට ගත යුතු ආකාරය මනාව විස්තර කර ඇති බැවිනි. එබැවින් මෙම ගැටුමේදී බටහිර ලෝකයත් ( රුසියාව ඇතුළු), ඕස්ට්‍රෙලියා, ඉන්දියාව හා ජපානයත් අනිවාර්යයෙන් සිට ගන්නේ ඇමරිකාව සමගය. රුසියාවත් ඇමරිකාව සමග එකතුවෙනවා කීවාම ගොඩක් දෙනෙක් විශ්වාස නොකළත් ඇමරිකානු ආරක්ෂක කණ්ඩායම් හොඳටම දන්නා දෙයනම් රුසියාව චීනයට කෙළින්ම මායිම් වන නිසා විශාල මිලිටරි බලසම්පන්න චීනය දැකීමට රුසියාව කැමති නැති බව ඔවුන් කීප විටක්ම ප්‍රකාශ කොට ඇති බැවිනි. එක්කෝ මේ ගැටුමේදී රුසියාව මධ්‍යස්ථව සිටීමට ඉඩ ඇත.
ඇන්තනි බ්ලින්කන් මෙම කරුණ මනා ලෙස කිහිප වතාවකදීම පහදා ඇත. බයිඩන් පාළනය මෙම ගැටුමට මුහුණ දෙන්නේ ට්‍රම්ප් මෙන් තකතීරු විධියට නොව අන් සියළු රටවල් හා ආයතන සමගය.
ඉදිරි අවුරුදු 10-15 ලෝකයේ බොහෝ දේවල් තීරණය වන්නේ මේ ගැටුමට සිදුවන මැදිවීම හෝ එසේ නොවීම තුලය.
ඒ අවුරුදු 10-15 ඉවර වෙද්දී චීනය ලෝකයේ වැඩිම මහළු ජනගහණය සිටිනා රට බවටද වැඩ කරණ ජනතාවට වඩා පෙන්ෂන් ගන්නා ජනතාව සිටින හා දියුණු වීමටත් කළින් මහළු වෙන පළමු රට බවට පත්වන බව කව්රුත් දන්නා කරුණකි. එසේ වූ විට සිදුවන්නේ කුමක්ද බව කව්රුත් දනිති.
අර්නස්ට් කිත්සිරි
-Ernest Kithsiri is a consulting engineer in Ontario Canada. He specializes in infrastructure developments, engineering and public policy matters. He moderates the policy discussions required for Sri Lanka. He is the creator of www.theindependents.org that discusses required policy changes in number of sectors in Sri Lanka.