උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.ශ්‍රී ලංකාව සත්‍යය, සංහිඳියාව සහ තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.