27 C
Colombo
26/11/2024

ජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයි

Share with your friends :

පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

සෑම ජනාධිපතිවරණයකටම මුදල් රැස් කරන්නේ පිටි සමාගම් බවද ඔහු කීවේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොලේ තිරිඟු පිටි අඩු වෙමින් තිබියදී තිරිඟු ඇට අඩු වෙමින් තිබියදී ඩොලරයේ අගය අඩු වෙමින් තිබියදී පිටි සමාගම් ඒ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්නේ නැහැ. මම දන්නවා ජනාධිපති ඡන්දයේදී අරමුදල හදන්නේ මේ අයගේ සල්ලිවලින්. ඒ නිසා මේ සමාගම්වලට වෙන ආකාරයෙන් මුදල් උපයා ගන්න අවස්ථාව දෙනවා. මේක තමයි තියෙන එකඟතාව. මේගොල්ලන් හැම ජනාධිපති ඡන්දයකටම සල්ලි පොම්ප කරපු අය. ප්‍රීමා ආයතනය. එළැඹෙන ජනාධිපතිවරණයට අරමුදල් එකතු කිරීමට සිදුවී ඇති නිසා තමයි පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට දීමට සිදුවී තිබෙන්නේ. මේ ගැන පිළිතුරු දීමට අගමැතිතුමාට සභානායකතුමාට අපහසුවක් තියෙන බව මම දන්නවා.

Share with your friends :