27 C
Colombo
24/11/2024

පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින්

Share with your friends :

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

ඖෂධ මිල අඩු කිරීමේ ගැසට්ටුවට ඖෂධ 30 ක් පමණක් ඇතුළත්ව ඇති බවත් එයට අදාල නොවන ඖෂධ 9000 කට වැඩිය සංඛ්‍යාවක මිල තීරණය කිරීමේ බලය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන නිලධාරියෙක්ට ලැබී ඇති බවත් කුමුදේෂ් මහතා කීය.

ඖෂධ තත්ව පාලන රසායනාගාරයේ ඖෂධවේදීන් පස්දෙනෙක් පමණක් ඉතිරිව සිටින බවත් ඖෂධවේදීන් 126 ක් සිටිය යුතු එම ආයතනයේ මේ වන විට ඖෂධවේදීන් 37 ක් පමණක් ඉතිරිව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සෙසු ඖෂධවේදීන් බලහත්කාරයෙන් ඉවත් කර වසරකවත් අත්දැකීම් නැති පුහුණුවන ඖෂධවේදීන් 26 ක් ඉතුරු කරගෙන අධිකාරිය රූකඩයක් ලෙස නැටවීමේ උත්සහයක් ඇති බවත් ඖෂධ නියාමනය, තත්ව පාලනය, මිල තීරණය, සමාගම් නිරීක්ෂණය, ඖෂධ විශ්ලේශණය, විශේෂඥ නිර්දේශ, බේරුම්කරණය, සියල්ල අඅදාල ප්‍රධාන නිලධාරියා පාලනය කරන අධිකාරියක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පවසයි.

ඖෂධ සංකූලතා නිසා ඇස් අන්ධ වීම, ගර්භනී මවුවරු මිය යයෑම සහ ආසාත්මිකතා ඇතිවී ජීවිත ගණනාවක් තර්ජනවලට ලක්ව තිබියදී අත්දැකීම් ඇති සියළු නිලධාරීන් ඉවත් කර ඖෂධ නියාමනය වෙනුවට, ඖෂධ ව්‍යාපාරයක් නිර්මාණය කරමින් සිටින බව ද රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.

Share with your friends :