පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම වාහන අත්‍යවශ්‍යම කටයුත්තකට හැර වෙනත් කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි උපදෙස්දී ඇත.
ඉදිරියේදී පත්වන නියෝජිතයන් සඳහා බාරදීමට එම වාහන සංචිතවල තබන ලෙසටද දැනුම්දී ඇත.
පළාත් සභාවල හිටපු මහ ඇමතිවරුන් , සභාපතිවරුන්, සභානායකවරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් පාවිච්චි කළ වාහන 225ක් සහ මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරුන් පාවිච්චි කළ වාහන 340 ක් එම සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු ඇතැම් නිලධාරීන් පාවිච්චියට යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.
දිවයින පුරා සියලුම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීම නිසා එම සභා සියල්ල දැනට පවතින්නේ නිලධාරී පාලනය යටතේය.