සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 5 වැනිදා සිට ආරම්භ වන බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මෙම මස 15 වැනිදා දක්වා සිදු වන බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දිනවල සූර්යයා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කිරීම සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව 6 වැනිදා දහවල් 12.13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශයන්ට ඉහළින් ඍජුවම හිරු මුදුන්වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.