27 C
Colombo
05/11/2024

අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක සමග සාකච්ඡා පවත්වයි

Share with your friends :

ශ්‍රීලංකාවට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. මෙහිදී කලාපීය ආරක්ෂාව හා දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා පිළිබඳවද සාකච්ඡා පැවැත්වීය. එසේම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරතන මහතා සමගද දෙරට අතර ආරක්ෂක සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ගුවන්තොටුපලේදී පිළිගන්නා ලද්දේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා විසිනි.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙරටට පැමිණියේ ශ්‍රීලංකාව ,මාලදිවයින හා ඉන්දියාව අතර කලාපීය ආරක්ෂාව හා අනොන්‍ය සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡා සඳහාය. මේ සඳහා මාලදිවයිනේ ඉහළපෙළේ නියෝජිත පිරිසක්ද ශ්‍රීලංකාවට පැමිණ සිටිති.

Share with your friends :