පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනිද්දා(1) රැස්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව සලකා බැලීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය 25 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්පතිවරයාවූ වික්‍රමරත්න මහතා එම ධූරයේ වැඩ බාර ගත්තේ පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය.
මේ අතර පොලිස්පති ධුරය සඳහා නාමයෝජනා කිසිවක් තවමත් යොමුවී නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පවසයි.