27 C
Colombo
23/09/2024

කොරෝනා මැද්දේ පාසල් පැවැත්වීම ගැන ගුරු සංගම් විරෝධය

Share with your friends :

මේ වන විට පාසල් විවෘතව පැවතියද දෙමාපියන් බොහෝ පිරිසක් තම දරුවන් පාසල් වලට යැවීමට බියෙන් පසුවෙති. මේ හේතුවෙන් බොහෝ පාසල්වල දරුවන්ගේ පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොරෝනා 03 වන මට්ටමේ පැතිරීමකදී පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවත් පැහැදිලිව සඳහන්ව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එවන් තත්ත්වයක් යටතේ පාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි කොරෝනා පැතිරීම වැළැක්වීම සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැහැදිලි කළ යුතු බවයි.

Share with your friends :