විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (19 දා) දිවුලපිටිය ගොඩිගමුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට මැර ප්රහාරයක් එල්ල වූ බව සංවිධායකයෝ පවසති.
පොදුජන පෙරමුණේ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව විරෝධතාකරුවන් බඩල්ගමුව පොලීසියට පැමිණිලි කර ඇත. මැර පිරිස් පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කළ බවත් එසේ විසිරී යාම අතරතුර දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි තමන්ට වෙනත් යතුරුපැදියෙන් පැමිණි මැර පිරිසක් පහර දුන් බවටත් රංජිත් රාජපක්ෂ යන අය පොලිසියට පැමිණිලි කර ඇත. රාත්රි 7.15ත් රාත්රි 7. 45ත් අතරතුර මෙම සිදුවීම් මාලාව වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. සිද්ධියෙන් තුවාල ලැබූ අයකු දිවුලපිටිය රෝහල වෙත රැගෙන යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය. පොලිසිය බලා සිටියදීම මැරයන් තම විරෝධතාව විසුරුවා හැරීමට මැරබලය පාවිච්චි කළ බව ද හෙතෙම කියා සිටියේය.
previous post
next post