27 C
Colombo
23/09/2024

නව පොලිස්පති වැඩ අරඹයි

Share with your friends :

චන්දන වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය.
වසර 33 ක සිය සේවා කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු ලෙස නම් දරා සිටින වික්‍රමරත්න මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමග වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
නොකඩවා මාස 19 ක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සේවය කළ වික්‍රමරත්න මහතා, මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

Share with your friends :