තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා යන කේෂත්රවලට අදාළ භාණ්ඩවල ආනයන සීමා ඉවත්කර තිබෙන අතර ඒ අනුව ශක්ති ජනක පාන, අවේෂණ කැමරා පද්ධති (සී.සී.ටී.වී) සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලැලි සහ ක්‍රීඩා උපකරණවල ආනයනික සීමා ඉවත් කර තිබේ.
වසරේ අගෝස්තු මස 23 වැනි දින සිය භාණ්ඩ 1465ක් සඳහා ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තේය.
ඒ අනුව ගත වූ මාස තුනක කාලය තුළ ආයනය සීමා හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 1211 ක මුදලක් රටට ඉතිරි වූ බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.