මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000 ක මුදලක් මෙතෙක් ගෙවා නැත.
හිඟ මුදල් ගෙවීමට ඇති කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩි පිරිසක් මාර්ග ව්‍යාපෘති ලක්ෂයේ වැඩසටහනට දායකවූ අය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුළු මාර්ග ඉදිකිරීම් කටයුතු බොහොමයක් නවතා දමා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් අලුතින් මාර්ග ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති බවයි.
කෙසේවෙතත් මාර්ග අලුත්වැඩියා කටයුතු දිගටම කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීමද ඩොලර් ප්රශ්නය නිසා අඩාලවී ඇතැයි වාර්තා වේ.