රී ලංකාවට පැමිණ තිබෙන බොර තෙල් නැවක් ගොඩබෑමට මුදල් නොගෙවීම නිසා අද වන විට ඩොලර් මිලියන 4.3 ක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇතැයි ඉන්ධන වරාය විදුලි සමගි වෘත්තිය සමිති සන්ධානයේ සඳහන් කරයි.
එම නෞකාව මෙරට මුහුදු සීමාවට පැමිණ ඇත්තේ පසුගිය මස විසි වැනි දා බව ද එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
මෙම නෞකාවට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීමට ඇති බවද පැවසූ ඔහු එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000ක් ඇති බවද පැවසීය.
මෙම බොරතෙල් තොගයට අදාළ මුදල් තවමත් ගෙවා නැතැයිද මෙම ඉන්ධන තොගය ගොඩබාන දිනයක් වත් සඳහන් කර නොමැති බවත් ඔහු කියා සිටියි.