ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සදහා මෙරටට පැමිණ සිටින විදෙස් ක්‍රීඩකයන් 03 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හෙලිවී තිබේ.
ඒ අනුව එම ක්‍රීඩකයන් කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.
ඉන්දීය හා පකිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙකුට මෙසේ ආසාදිත වී තිබේ.
කෙසේ වෙතත් සංවිධායකයන් පවසන්නේ නියමිත පරිදි අදාළ තරග පවත්වන්නට සියලු කටයුතු යොදා ඇති බවයි.