27 C
Colombo
25/11/2024

අලුත් කොප් කමිටුවේ ඉන්නේ මොල හතාගේ අවතාර

Share with your friends :

කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

තවමත් මේ දේවල් කෙරෙන්නේ අවතාර වලට ඕන විදියට නම් එය ලැජ්ජාවට කරුණක් බවද විමල් වීරවංශ මහතා කීය.

කෝප් කමිටුවට පත්කිරීම් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර අතර ඊයේ පාර්ලිමේන්තුවේදී විවාද තත්ත්වයක් ඇති වූ අතර එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා:-

මොල හතාගෙ ගෝලයො ටිකක් තමයි කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ. තාමත් මේ හෙලවෙන්නේ ඒ අවතාර වලට ඕන විදියට නම් ලැජ්ජයි. ඒ අසාධාරණය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා.ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන්ට සාධාරණ කතා කාලයක් ලබාදිය යුතුයි. එම මන්ත්‍රීවරුන්ට කෝප් කමිටු සාමාජිකත්වය ලබා දී නැහැ.

කෝප් කමිටුව මොල හතාගෙ අවතාර වලින් පුරවලා සාධාරණයක් ඉටු කරන්න බැහැ.කමිටුවේ සභාපති ධුරයට රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න මොල හතා උපදෙස් දීලා තිබෙනවා.

Share with your friends :