ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩන් විසින් තම කැබ්නට් මණ්ඩලය හා විවිධ ආයතන ප්‍රධානීන් පත් කිරීම ආරම්භ කර තිබේ.
හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකු වන ජෝන් කෙරී දේශගුණ කටයුතු කටයුතු සම්බන්ධ ජනාධිපති නියෝජිතයා ලෙස පත් කර තිබේ. රාජ්‍ය ලේකම් තනතුර සඳහා ඇන්තනි බ්ලින්කන් පත් කර තිබේ.ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අවිල් හේන්ස් පත් කර තිබේ. මෙම තනතුර සඳහා පත්වූ මුල්ම කාන්තාව ඇයයි .
අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස ඇලෙන්ජෙන්ද්රෝ මයෝර්කාස් පත් කර තිබේ. ඔහු කියුබාවේ උපත ලැබූ පුද්ගලයකු වීම විශේෂ සිදුවීමකි.එසේම ජාතික ආරක්ෂක උපදේශක ලෙස ජේක් සුලිවාන් පත්කර තිබේ. එසේම ඇමරිකා එකසත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන තානාපතිනිය ලෙස ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් පත් කර තිබේ.
එසේම මුදල් ලේකම් ලෙස ජැනට් යෙලන් පත් කර තිබේ. ඇමරිකාවේ මුල්ම වරට එම තනතුරට පත් කාන්තාව ඇය වේ. එසේම ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රොන් ක්ලෙන් පත් කර තිබේ.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් මේ වන විට සාමකාමීව බලය අත්හැරීම සඳහා කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ජෝ බයිඩන් හට එරට කටයුතු සඳහා සම්බන්ධ වීමට දැන් අවස්ථාව උදාවී තිබේ. කෙසේ වෙතත් බයිඩන් ජනාධිපති පදවියේ දිවුරුම් දෙන්නේ ලබන ජනවාරි 20 වැනිදා වන අතර එතෙක් ජනාධිපති ධුරය ට්‍රම්ප් විසින් දරනු ලබයි.
previous post
next post