27 C
Colombo
27/11/2024

රටවල් 23ක තානාපතිවරු ජනපති හමුවෙති

Share with your friends :

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් එහිදී ජනපති හමුවේ සහතික වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙි සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරුන්ට ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.

Share with your friends :