27 C
Colombo
25/11/2024

මුල්‍ය නීති කැඩූ පුද්ගලික බැංකුවකට මහ බැංකුව පුංචි දඩයක් ගහයි

Share with your friends :

සැකකටයුතු මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ ක්‍රමවේදය උල්ලංඝනය කළේ යැයි මෙරට ප්‍රසිද්ධ පුද්ගලික වාණිජ බැංකුවකට එරෙහිව මහ බැංකුව රුපියල් මිලියනයක මූල්‍යමය දණ්ඩනයක් පනවා තිබේ.

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුකූල නොවීම පිළිබඳව අදාල බැංකුවට එරෙහිව මෙම දණ්ඩනය පැනවූ බව මහබැංකුව සඳහන් කළේය.

දණ්ඩනය පනවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි.

අදාල බැංකුව වෙතින් දණ්ඩනය ගෙවා ඇති අතර මහ බැංකුව මගින් එය ඒකාබද්ධ අරමුදලකට බැර කර තිබේ.

Share with your friends :