විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීමට ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහිදී පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘති සහ බලශක්ති ක්ෂේත්රයේ අවශ්‍යතා පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව අමාත්‍ය විජේසේකර මහතා කීය.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ කළමනාකාරිනිය ඇතුළු නියෝජිතයන් සමග විදුලිබල අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී එම අදහස් හුවමාරු කරගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.