සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(8) පස්වරුවේ සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.
සමගි ජන බලවේගය ,ජාතික ජන බලවේගය,, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සහ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය විමසන අවස්ථාවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටීම විශේෂ සිද්ධියක් විය.
නිෂ්පාදනය බෙදාහැරීම සහ අලෙවිය මත බදු අය කිරීමට අදාළ විධිවිධාන මෙම බදු පනත් කෙටුම්පතට ඇතුළත් වේ.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද උදේ 11.00 සිට සවස 5 දක්වා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
පනත් කෙටුම්පතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.