පුද්ගලික විවේචන කොතරම් තිබුණද මේ මොහොතේ රට ගොඩ ගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් ජනාධිපති ලෙස පත් කළ යුතු සුදුසුම පුද්ගලයා ඊට පත්කර ඇති බවද හෙතෙම කියා සිටී.
මීට මාස කිහිපයකට කලින් රතු තුළ පැවැති තත්ත්වය සමනය කිරීමට මේ වන විට හැකිව තිබෙන බවද පැවසූ ඔහු සියයට සියයක්ම නැති වුවද යම් ප්‍රමාණයක ගැටළුව විසඳා ඇතැයිද සඳහන් කළේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.