27 C
Colombo
24/11/2024

සිරසට වාරණ නියෝගයක් – ඇන්ටිජන් කට්ටල ප්‍රශ්නය දුරදිග යයි

Share with your friends :

සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පුද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය නිකුත් කළේ, සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පුද්ගලික සමාගම විසින් ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.
සිරස “නිව්ස් ෆස්ට්“ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන පරිදි පුවත් පළ කිරීම වළක්වාලමින් MTV පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මෙමගින් සිදුවු අපහාසයට වන්දි වශයෙන් පැමිණිලිකාර පාර්ශවය විසින් රුපියල් බිලියන 2ක් වගඋත්තරකාර පාර්ශවයෙන් ඉල්ලා තිබේ.
ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගම විසින් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලය විසින් පුවත් පළකිරීමත් සමග මෙම පාර්ශ්ව දෙක අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

Share with your friends :