හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය .
තම සේවාදායකයාගේ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස අවසර ලබා දුන්නේය .