අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 236035 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 36647 වශයෙන් මුළු අයදුම්කරුවන් 272682 පෙනී සිටි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.
උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවන් එම පිරිස සියයට 62ග9ක ප්‍රමාණයකැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඇය වානිජ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.
2021 උසස් පෙළ විභාගයෙන් කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් බදුල්ල කැන්දගොල්ල මහ විදුහලේ ඉශාර ලක්මාල් සිසුවා සමත් වි ඇත.