රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
රංජන් රාමනායක මහතාට නිදහස ලබා දුන් ජනපතිට ස්තුතිය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කරයි.
“මා හිතවත් දේශපාලන සගයා, රන්ජන් අයියා හෙට(26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකළ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි ! යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා සටහනක් තබා තිබේ.