27 C
Colombo
28/11/2024

ආන්දෝලනාත්මක යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර ?

Share with your friends :

හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම නෞකාව මෙරටට ඇතුළුවීම සම්බන්ධයෙන් ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය දැඩි විරෝධය පල කර තිබේ.
හම්බන්තොට වරායේ හාර්බර් මාස්ටර් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබාදී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කළත් එම නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඉකොනොමිස්ට් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට නාවික සැතැපුම් 600 ක් පමණ දුරින් පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් තම ගමන් මාර්ගයෙන් පිට පනිමින් නැවතත් ගමන් මාර්ගයට පැමිණෙමින් නැවතත් පිට පනිමින් යාත්‍රා කරන බව මැරිටයිම් වෙබ් අඩවි දත්ත පෙන්නුම් කළේය.

අගෝස්තු 16 හම්බන්තොට වරායට පැමිණීමට යුවාන් වැන්ග් 5 නෞකාවට අවසර ලබා දී ඇතැයි ලෙස පළවන වාර්තා පිළිබඳ දැනුවත් මුත් ඒ පිළිබඳ තහවුරු කිරීමක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

Share with your friends :