ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට පනවා තිබූ තහනම කොළඹ මහාධිකරණ විසින් ඉවත දමා තිබේ.
2015ට පෙර පැවති රජය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 25කට ආසන්න මුදලක් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට ගොනුකර තිබූ නඩුවේ දී ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබින.