27 C
Colombo
28/11/2024

විමල් වීරවංශ ආණ්ඩුවට එක්වන බව දැන්වුවා..- ජනපති

Share with your friends :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් විමල් වීරවංශ මහතා එක්වන බව දන්වා ඇති බවත් පැවසීය.

ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කරන ලදී.

Share with your friends :