මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවට පැමිණ කරන ජනතාව නොමග යවන ප්‍රකාශ වලින් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
එබැවින් ඔහු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත
ඊට පිළිතුරු දී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ අත්සන් සහිත ලිපියක් භාර දෙන්නේ නම් ඔහු ඉවත් කිරීමට පියවර ගත හැකි බව සඳහන් කර ඇත.