27 C
Colombo
25/11/2024

වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

Share with your friends :

ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජූනි මස මෙරට උද්ධමනය සියයට 54.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ජූනි මස උද්ධමනය සියයට 43.7 වේ යැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර සඳහන් කළේය.

බොහෝ ආර්ථික විද්‍යාඥයන් අධි උද්ධමන සීමාව ලෙස හඳුන්වන සියයට 50 සීමාව ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් පසුකර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ සියයට 39.1 ක් වූ අතර එය ජූනි මස සියයට 54.6 දක්වා ඉහළ ගොස් ඇත.ජූනි මස මාසික වෙනස සියයට 12.8 කි.ජූනි මස සියයට 12.8 මාසික වෙනසට ආහාර කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 6.81 කින් ඉහළ යාම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 5.99 ඉහළ යාම හේතු විය.

මෙලෙස වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම වල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම බලපෑ බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.

Share with your friends :