ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමේ නිසි ක්‍රමවේදයක් මෙම සතියේදීවත් ඇති නොකළහොත් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිසි ලෙස ප්‍රවාහන පහසුකම් නොලැබුණහොත් ශල්‍යකර්ම හා රෝහල් සායන පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එසේ වුවහොත් රෝහල්වල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොකරම වර්ජනයක තත්වය මතුවනු ඇතැයි හෙතෙම කීවේය.
ඉන්ධන අර්බුදය මෙන්ම ඖෂධ හිඟයක් ද රට තුළ පැවතීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව දැඩි ගැටලුකාරී තත්වයක පවතින බව ද හරිත අලුත්ගේ මහතා කීය.