27 C
Colombo
25/11/2024

බස්නාහිර වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක්

Share with your friends :

රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පවසයි.

ඒ අනුව ලබන ජූලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවත් බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල වැඩි දුරටත් සඳහන් කරයි.

Share with your friends :