27 C
Colombo
29/11/2024

‘‘ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන්න‘‘

Share with your friends :

පවතින දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් කැපවන පාලනයකට ඉඩ සලසා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

විසිහතර පැයම පෝලිම්වල දුක් විඳින ජනතාවගේ වේදනාව සහ පීඩනය නොතේරෙන පාලකයින්ගේ ගමන වහා නවතා දැමිය යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව ගෙන යන ප්‍රෝඩාකාරී බොරුව නවතා දමා නව ජනවරමකට ඉඩ සලසා දිය යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කුසගින්නෙන් හඬන දරුවන්ට ආහාර ටිකක් දීමට නොහැකිව දුක් විඳින දෙමව්පියන් වෙනුවෙන් ද, පාසල් සහ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අහිමි වී බලාපොරොත්තු සුන් වී සිටින දරු පරපුරේ නාමයෙන් ද මේ රටේ ස්ථාවර කරන්නට ඉඩ ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට පීඩනය අපේක්ෂා භංගත්වය සහ දුක් වේදනාවන් උරුම කළ ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නැවත නැවතත් ඔප්පු කරන්නේ ඔවුන්ගේ අසමත්කම සහ නොහැකියාව බව ද විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් පැවසීය.

Share with your friends :