ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඊට කලින් මුදල් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ළඟදීම පැමිණ ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතව ඇතත් ඒ ගිවිසුමෙන් ණය නොලැබෙන බවත් ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ණය ගිවිසුමට අත්සන් තැබිය යුතු වන බවත් ඔහු කීවේය.
ඒ සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යනාදි කටයුතු රැසක් සිදු කිරීමට රජයට සිදුවන බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.