රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්ධන සළාක ක්‍රමයකට අනිවාර්යෙන්ම යෑමට සිදුවන බවත් එහිදී ප්‍රමුඛතාව මත ඉන්ධන සැපයීම කළ යුතු බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පොදු ප්‍රවාහනය සහ කර්මාන්තවලට ප්‍රමුඛතාව ලබාදෙමින් සෙසු ඒවාට ඉන් පසුව ප්‍රමුඛතාව ලැබෙන පරිදි ක්‍රමයක් සකස් කරන බවත් ලබන 16 වැනිදා පැමිණීමට නියමිත නෞකාවත් සමඟ ඩොලර් මිලියන 700 ඉන්දීය ණය ආධාර අවසන් වන බවත් එම නිලධාරියා කීය.
ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500 ක් ඉන්දියාව අනුමත කර ඇති බව කී එම නිලධාරියා එහි තාක්ෂණික කටයුතු පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.