ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කරන බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ ලබන සතියේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම ධූරය පුරප්පාඩු විය.