මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන්නට රියදුරු බලපත්‍ර ලබාදීමට යොදාගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි. වසර දහතුනක් තිස්සේ මෙම කාඩ් පත් සඳහා යුරෝ බිලියන ගනනක් විදේශ විනිමය ශ්‍රීලංකා රජය අදාළ පුද්ගලික සමාගමකට ගෙවා තිබේ. එහෙත් මෙම කාඩ්පත් පරීක්ෂා කිරීමේ උපකරණ පවා තවමත් එම සමගම මෙරටට ගෙනවිත් නොමැත. ලෝක වෙළඳ පොලේ ඩොලර් එකකට අඩු මුදලකට මිලදී ගත හැකි මෙම කාඩ්පතක් සඳහා ශ්‍රීලංකා රජය වසර දහතුනක් තිස්සේ ඩොලර් දහතුනකට වැඩි මුදලක් ගෙවා තිබේ.
ඔස්ට්‍රියාවෙන් ආනයන කරන මෙම ‘සුහුරු’ කාඩ්පත් සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකු සතුව යූරෝ ලක්ෂ හයක් නොමැති වීම මෙම තත්වයට හේතුව බවත් මීට මාස කීපයකට පෙර එම කාඩ්පත් ඇනවුම්කර තිබුණ ද ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත.
නව රියදුරු බලපත්‍ර සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා මේ වන විට තාවකාලික රියදුරුපත් නිකුත් කරනු ලබයි.
‘සුහුරු’ කාඩ්පත් මාස කීපයක සිට නොමැති වීමෙන් රියදුරු බලපත්‍ර ඉල්ලුම්පත් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇත. මෙම කාඩ්පත් නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන අඩු වියදම් ක්‍රමවේදයක් භාවිත කළයුතුව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පෙන්වා දෙති.
මෙම කාඩ්පත් ගෙන්වීමේදී ඉහල පෙලේ පුද්ගලයන් කීපදෙනෙකුට හා නිලධාරීන් කීපදෙනෙකුට කොමිස් මුදල් ලැබීම නිසා කෙසේ හෝ මෙම කාඩ්පත් ගෙන්වා ගැනීමට නිලධාරීන් කීපදෙනෙකු උත්සහ ගනිමින් සිටිති.
මෙම වර්ගයේ කාඩ්පත් දැනට ලොව කිසිදු දියුණු රටක් භාවිත නොකරයි.