ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
නමුත් යල කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ලබා දෙන්නට අවස්ථාව නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ඩොලර් ලබාගන්නා අවස්ථාවේදී යල කන්නයේ වගාව ආරම්භ කර අවසන්ව තිබීම ඊට හේතුව බවද සඳහන් කළේය.
කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඩීසල් ලබාදීමට උත්සාහ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.