කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමතිවරයාගේ පුත්‍රයෙක් බව පැවසේ.
දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දිනවල මුව ආවරණයක් නොමැතිව රුපියල් පන්දහසේ රජයේ දීමනාව ලබා ගැනීමට ගොස් පොලීසිය සමග ගැටුමක් ඇති කරගත් ප්‍රවීණ සිනමා නළු විල්සන් කරූ මහතාද පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් විය.
previous post
next post