රුපියල් කෝටි තුන් ලක්ෂයක මුදල් ආණ්ඩුව මුද්‍රණය කර තිබෙන අතර මෙවැනි අධික මුදලක් මුද්‍රණය කරන විට සිදු වන දේ ගැන සාමාන්‍ය පෙළ සිසුවෙක් වුනත් දන්නා බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.
අද රට උද්ධමනයකට නොව අධි උද්ධමනයකට මුහුණ දී තිබෙන බව කී සියඹලාපිටිය මහතා රටේ සංකීර්ණ ගැටළු අර්බුදයක් කරා ළඟාවෙමින් තිබෙන අතර එහෙම වුණොත් විසඳුම් නැති තැනකට පත් විය හැකි බවද සඳහන් කළේය.
මෙවැනි වෙලාවක ඇත්ත කතා කළ යුතු අතර මුදල් ඇමතිතුමා එවැනි තැනකට ලං වෙමින් සිටින අතර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වීම ඓතිහාසික වරදක් බව එතුමා ද පිළිගත් බව සඳහන් කළේය.
කළු කඩේ වන ආර්ථික උද්ධමනය කොහේ වත් ලියවෙන්නේ නැතැයි ද ගෑස් සිලින්ඩරයක් රුපියල් තිස් දහසක් වී තිබෙන්නේ යැයිද සියඹලාපිටිය මහතා පැවසීය.