27 C
Colombo
25/11/2024

රටේ නීතිය ජනාධිපතිට සහ අගමැතිට හසුරුවන්නට හැකි ආකාරයට තිබීම කනගාටුදායකයි

Share with your friends :

මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ.

එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක්‍ කළා . ඒනිසා රටේ වගකිවයුතු නායකයන් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රගපාලා වැඩක් නැහැ . හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි .

එමෙන්ම ජාතීන් අතර විරසක වීම , ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානය නැවත මෙරටට ආ අවස්ථාවේ ගුවන් තොටේදී පැවැසීය.

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා.

Share with your friends :