27 C
Colombo
24/11/2024

ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයක

Share with your friends :

ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි සියයට 60ක ගාස්තු වැඩිවීම සම්බන්ධ අද (30) පස්වරුවේ අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට මේක නිරත වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

ඉන්ධන , අමතර කොටස් .රකෂණ ගාස්තු සියයට 150 න් ඉහළ යෑම හේතුවෙන් තමන්ද ජයෙන් සියයට 60 ක මුදල් වැඩිවීමක් ඉල්ලා සිටි බවත් සංගමය අමාත්‍යවරයා සමග ඊයේ (29) පැවැත්වූ විශේෂ සාකච්ඡාවක ද‍ී අමාත්‍යවරයා සිය ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා එකග තාවයකින් තොරව සාකච්ඡාව නිමා වූ බව ද හෙතෙම කීය

ඒ අනුව තම සංගමය ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කළ බවද හෙතෙම කීය .

පුද්ගලික ටැංකි රථ 600 ක් දිවයින පුරා තෙල් බෙදා බෙදාහැරීමේ කටයුතු වල නිරත වන වන බවද හෙතෙම සඳහන් කළේය .

වර්ජනය හේතුවෙන් කිසිදු ටැංකි රථයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගන්නා බවද හෙතෙම කීය.

රජය තම ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනය නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනය හේතුවෙන් රට තුළ යළිත් ඉන්ධන අර්බුදයක ඇති විය හැක.
මේ අතර ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙසත් සේවයට වාර්තා නොකරන බවුසර්වල ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දී තිබේ.

දුම්රිය, රජය සහ ඉන්ධන පිරවුම්හල් සතු සහ කුලියටගත් බවුසර් යොදාගෙන අඛණ්ඩව ඉන්ධන බෙදීම පවත්වාගෙන යන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Share with your friends :