27 C
Colombo
26/11/2024

රුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතුයි – බ්‍රිතාන්‍ය විදේශ ලේකම්

Share with your friends :

රුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතු බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රොස් ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍ය රජය මෙවැනි පැහැදිලි ප්‍රකාශයක් කල ප්‍රථම වතාව මෙයයි. ඒ අනුව මීට වසර අටකට පෙර රුසියාව විසින් අල්ලා ගත් ක්‍රිමියා ප්‍රදේශයෙන්ද රුසියාව ඉවත්ව යායුතු බව බ්‍රිතාන්‍යයේ මතයයි.
රුසියාව මේ ආකාරයට ප්‍රහාර එල්ල කිරීම සාර්ථක වුවහොත් එය සමස්ත යුරෝපයේම ආරක්ෂාවට බරපතල අනතුරක් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය ප්‍රකාශ කළාය.

Share with your friends :