මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සති කීපයක් තිස්සේ සිසුන් සුදානම් කරවීම නිසා සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණීම සම්බන්ධයෙන් එම විදුහලේ දෙමපියයෝ දැඩි විරෝධය පල කරති.
පසුගිය වසර දෙකක කාලය තුලම කොරෝනා වසංගතය නිසා පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබුණු අතර පාසල් නැවත ආරම්භ වූ වහාම මේ ආකාරයට ක්‍රීඩා උත්සව පැවැත්වීම අනවශ්‍ය බව දෙමාපිය මතයයි. අවශ්‍යම නම් සතියක් තුල එය අවසන් කල හැකිව තිබියදී මෙසේ සති කීපයක් තිස්සේ ක්‍රීඩා උත්සව සඳහා දරුවන් යෙදවීම සම්බන්ධයෙන් දෙමාපියෝ දැඩි විරෝධය පළකරති.
බස් ගාස්තු හා ත්‍රිරෝද රථ ගාස්තු පවා අහස උසට නාග ඇති මෙවන් අවස්ථාවක මේ කටයුතු වෙනුවෙන් විශාල අමතර මුදලක් වැය කරන්නට දෙමාපියන්ට සිදුවී තිබේ.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි 19 වැනිදාය.
previous post
next post