ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම ස්ථිර බව ද එහෙත් අනෙකුත් පක්ෂවල නියෝජිතයන් ගැන තමන්ට සහතික විය නොහැකි බවද කීය.
විශ්වාස භංගයට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන ස්ථිර අදහසක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.
මුදල්වලට තනතුර වරදාන වරප්‍රසාදවලට පිල් මාරුකරන ස්ථාවරයන් වෙනස් කරන මහජන නියෝජිතයන් ගැන සහතික වීම මෝඩකමක් යැයිද ඔහු පැවසීය. එහෙත් මේ පාලකයන් ගෙදර යැවිය යුතුය යන ස්ථාවරයේ තම පක්ෂය සිටින නිසා තමන්ගේ කණ්ඩායම එයට සහය දිමට තීරණ්ය කළ බවද එය ස්ථිරවම සිදුවන බවද ඔහු පැවසීය.
විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කළද එය විසුරුවා හැරිමේ බලය තිබෙන්නේ ජනාධිපතිට බැවින් ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නිශ්චිත බවක් නැති බවද ඔහු බලයේ සිටියදි පිහිටුවන සර්වපාක්ෂික හෝ සභාග හෝ අන්තර්කාලීන හෝ කුමන ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවද එය තවත් මිරිගුවක් පමණක් බවද දිසානායක මහතා පැවසීය.
මේ වනවිට රට තුළ ප්‍රධාන අර්බුද දෙකක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ දේශපාලන අර්බුදය සහ ආර්ථික අර්බුදය එම දෙවැදෑරුම් අර්බුද බවය.
එසේම ඔහු පැවසුවේ සිය පක්ෂය යෝජනා තුනක් ඉදිරිපත් කරන බවය.
01. ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි
02. ආණ්ඩුව ඉවත්විය යුතුයි
03. ඉතාමත් සීමිත කාලයකට පාර්ලිමේන්තුවේ යම් අන්තර් පාලනයක් ගොඩනගා හැකි ඉක්මනින් මහ මැතිවරණයකට යා යුතුයි
ඔහු පැවසුවේ ජනතාවට නව ජනවරමක් හරහා නව පාලනයක් තෝරාගැනීමට අවස්ථාව ලබාදීමකින් තොරව මෙම අර්බුද සඳහා ස්ථාවර විසඳුමක් නොලැබෙන බවය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි විශ්වාසභංගයට මන්ත්‍රීවරු එකසිය විස්සක් සහය දෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු මන්ත්‍රීවරයා මේ බව කීය.